Raspberry pi computer එකක් භාවිතා කරලා LED light එකක් හසුරුවන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 03)

අද අද අපේ raspberry pi තුන්වෙනි tutorial එක අද අපි කතාකරමු Raspberry pi computer එකක් භාවිතා කරලා LED light එකක් හසුරුවන්නේ කොහොමද කියලා මේකට ඕන කරන ප්‍රධානම දේවල් තමයි
         jumper cables
         led light 
        220 ohm resistor එකක්
 ඔයගොල්ලෝ මගේ raspberry pie පලවෙනි tutorial එක  කියෙව්වා නම් මං ඒකෙදි කතාකරා GPIO 40 ගැන ඉතින් අපි මෙතනදී ground pin එක විදිහට 39 පින් එකක් GPIO pin එක විදිහට 40 වෙනි  pin එකක් යොදා ගනිමු.

circuit diagram එක මෙන්න මේ විදියට තමා තියෙන්නේ,


code එක ලියන්න ඕන මෙන්න මේ විදිහට කලින් තියෙන පියවර ටික තමයි මං මේ අංක දාලා විස්තර කරලා තියෙන්නේ

(1 ) terminal එක open කරගන්න

(2) terminal එකේ sudo nano led.py කියලා type කරන්න


(3)  enter කරන්න

(4)  එතකොට led.py කිියලා file එකක් create වෙනවා ඒ file එකේ මෙන්න මේ code එක ලියන්න.



import RPi.GPIO as GPIO       #Java තුළ GPIO library එක import කරන්න විධාන දෙනවා (GPIO Pin 
                                                    import  කරන හැම තැනටම මේක පොදුයි.)

GPIO.set mode (GPIO.BOARD) #Raspberry Pi Computer එකේ pin හඳුන්වා දීම ආරම්භ කරනවා.

GPIO.setup(40, GPIO,OUT)     #40 වැනි pin එක out put ලෙස setup කිරීම.

GPIO.OUT(True)              #40 වැනි pin එක high කිරීම නැත්නම් 1 හෙවත්  on  තත්වයට පත් කිරීම.

කෝඩ් එක ක්‍රියාත්මක කිරීම

code එක ටයිප් කරල ඉවර උනාම Ctrl+x key press කරන්න
මේක press කරාම save කරන්නද කියල Question  එකක් අහනව එතකොට y press කරලා enter කරන්න.

දැන් ආපහු ඔයාට Terminal එකේ මුලට එනවා ඉතින් දැන් terminal එක ඇතුලේ sudo python led.py කියල type කරල enter කරන්න
ඉතින් එතකොට ඕගොල්ලන්ට පෙනනෙවා led එක on වෙනවා.
ඉතිං දැං ඔයගොල්ලෝ හිතනවා ඇති කොහොමද? led එක off කරන්නේ කියලා ඉතිං හරිම සරල වැඩක් තියෙන්නේ කලින් ලියපු program එකේම True කියලා ලියපු තැන False කියලා Replace කරන්න ඒකල්ලා කලින් විදිහටම code එක save කරලා run කරන්න‍.


සැලකිය යුතුයි මේක led blinking code එක නෙමෙයි.

මේ පෝස්ට් එකත් එක්ක අපිත් එක්ක එකතු වුනා ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි.
 ඉතින් ඉස්සරහටත් මේ වගේ post ඔයාගේ ගාවටම ගෙන්න ගන්න follow  මාව.

     Facebook :- https://www.facebook.com/tharukaprabhashana1116

     Twitter :- https://twitter.com/MtTharuka

     Instagram :- https://www.instagram.com/tharukaprabhashana/


ඔය ගොල්ලන්ට ඇති වුනු හැම ගැටළුවක් ගැනම අපි comment section එකේ කථා කරමු.



Comments

Popular posts from this blog

Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 01)

Raspberry Pi computer එකට raspbian OS එක install කරන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 02)