Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 01)



 ගොඩක් කාලයක් තිස්සේ ඉන්ටනෙට් එකේ ඒවගේම තනියම ඉගෙන ගත්ත දෙයක් ගැන තමා පොස්ට් එක හදන්න හිතුවේ. මාත් raspberry pi programming  ඉගෙන ගන්න මාරම කට්ටක් කෑවා. ඇත්තටම සිංහල Youtube tutorial ආවා. ඒත් ටික කාලෙකින්  ඉවර වුණා ඒ නිසා ඉදිරියේ Youtube videos අරන් එන්නම්.
Related image

raspberry pi කියන්නෙ මොකද්ද?


 මේක ඇත්තටම පොඩි computer එකක් https://www.raspberrypi.org/ කියන වෙබ් සයිට් එකෙන් ඕගොල්ලොන්ට මේක purchase කරන්න පුළුවන්.  මේ computer එක ඩිසයින් කරලා deliver කරන්නේ UK වල තියෙන company එකක්.මං මගේ raspberry එක ගත්තේ https://microchip.lk/ එකෙන්. මේක (IOT) internet of things ගණයට වැටෙන මේ කුඩා device එක හරියටම කිව්වොත් මෙන්න මේ වගේ,


 raspberry pi models


 raspberry pi one model b plus කියන මොඩල් එක තමා raspberry pi computers වල first edition එක ඒ වගේම second edition එක raspberry pi 3 model b plus කියන එක මේක ගැන පොඩි විස්තරයක් කරොත් මෙකේ A900 MHz quad core ARM cortex -A7 කියන processor එක  තියෙනවා ඒ වගේම 1 GB ram  එකකුත් තියනවා. ඉතින් දැන් තියන raspberry pi 3 model b plus කියන 3rd edition  එක තමයි දැන් තියන latest edition එක. ඒ වගේම මං මේ tutorial  series  එකට පාවිච්චි කරන්නෙත් මේ raspberry pi 3 model b plus කියන computer  එක මේ computer එක ගැන පොඩි විස්තරයක් කරොත් 1.2 GHz  64 Bit quad core ARMv8 කියන processor එකක්, 802.11n wireless Bluetooth 4.1   තියෙනවා මේකට OS එක වෙනම  micro sd card එකක දාල run කරන්න ඕනේ.

 

raspberry pi computer එකේ තියෙන ප්‍රධාන අංගෝපාංග

(1)මේකට power දෙන එකෙන් මම මේකෙ අංගෝපාංග ගැන කතා කරමු.


මේකේ තියෙන්නේ micro usb slot එකක්.  4.75V- 5.25V  එකක් දෙන්න ඕන ඒ වගේම තමයි 2.1 A  දෙනවා නම් වඩා හොඳයි.

(2)micro SD slot එක

මේකේ ඔය එක දාන්නේ ගෙන මම කිව්වනේ ඉතින් මේකට ඒ නිසා micro SD card slot එකක් තියෙනවා class 10 speed micro SD එකක් යොදා ගන්නවා නම් වඩා හොඳයි මේකට OS  ගහන විදිහ ඊළඟ episode එකෙන්  කතා කරමු.

(3)GPIO pin



මේකේ තියෙන විශේෂම යුනිට් එකක් විදියට GPIO පින් සෙට් එක කතා කියන්න පුළුවන් මේ pin 40 GPIO කියන්නේ general-purpose input output කියන තේරුම. ඉතින් මේ පින් 40 අඳුර ගන්නෙ මෙන්න මෙහෙමයි,



Related image




 (3)DSI (display serial interfaces) & CSI (camera serial interface)

Raspberry Pi කම්පියුටර් එක දිහා දැක්ක ගමන්ම ඇහැ ගැටෙන තවත් Slot එකක් තියෙනවා ඒ තමයි Display එකක් සම්බන්ධ කිරීමට තියෙන DSI එක display serial interface කියන ස්ලොට් එක හා කැමරා එකක් සම්බන්ධ කිරීමට ඇති CSI camera serial interface කියන ස්ලොට් එක ඒදෙක මෙන්න මේ විදිහට දකින්න පුළුවන්,








මීට අමතරව USB 2.0 port  හතරක් RJ45 cable එක සම්බන්ධ කරන්න පුළුවන් නෙට්වර්ක් Port
එකක්  (10/100  onboard network Ethernet port) එකක්. ඒ වගේමයි 3.5mm head set jack එකකුත් තියෙනවා මීට අමතරව HDMI Port එකක් තියෙනවා ඒක හරහා  ඕගොල්ලන්ගේ computer monitor එකකට,TV එකකට  Raspberry  pie computer එක සම්බන්ධ කරගෙන ඒක ඔයගොල්ලන්ගේ display එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව ඕන නං අර කලින් කියපු DSI display serial interfaces Slot එකට  display එකක් හයි කරගෙන මේකෙ Display  එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.





raspberry pi computer එක ගැන ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මං හිතනවා.
 ඒ වගේම තමයි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඊළඟ පෝස්ට් එකෙන් අපි මේ raspberry pi computer එකට OS එක install කරන විදිය ගැන කතා කරමු.
මං කරන post ගැන tutorials ගැන ඉක්මනටම දැනගන්න follow කරන්න මාව,

      Facebook :- https://www.facebook.com/tharukaprabhashana1116

     Twitter :- https://twitter.com/MtTharuka

     Instagram :- https://www.instagram.com/tharukaprabhashana/


මේ පෝස්ට් එකත් එක්ක සම්බන්ධ වුණු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තූතියි.

Comments

Popular posts from this blog

Raspberry Pi computer එකට raspbian OS එක install කරන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 02)