Raspberry pi computer එකක් භාවිතා කරලා LED light එකක් blink වෙන් විදිහට program කරන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 04)

අද අපේ raspberry pi 4වෙනි tutorial එක අපි කතා කරන්න යන්නේ LED ලයිට් එකක් Blink වෙන විදිහට program කරන්නේ කොහොමද කියලා මේකට ඕන කරන ප්‍රධානම දේවල් තමයි
         jumper cables
         led light 
        220 ohm resistor එකක්
 ඔයගොල්ලෝ මගේ raspberry pie පලවෙනි tutorial එක  කියෙව්වා නම් මං ඒකෙදි කතාකරා GPIO 40 ගැන ඉතින් අපි මෙතනදී ground pin එක විදිහට 39 පින් එකක් GPIO pin එක විදිහට 40 වෙනි  pin එකක් යොදා ගනිමු.

මෙන්න මේ විදිහට තමයි cirtcuit diagram එක  තියෙන්නේ


code එක ලියන්න පියවර ටික තමා මේ විදිහට තියෙන්නෙ

(1) terminal එක open කරගන්න

(2) sudo nano bled.py කියල type කරන්න

(3) enter කරන්න

       (iii) ලැබෙන interface එක මෙන්න මේ වගේ

 

(4) මෙන්න මේ විදිහට code එක ලියන්න

(සැලකිය යුතුයි මං උඩින්  දාල තියෙන photo එකේ තියන විදිහටම space තියලා code එක ලියන්න ඕනෙ නැත්නම් bugs එනවා)

import RPi.GPIO as GPIO       #Java තුළ GPIO library එක import කරන්න විධාන දෙනවා (GPIO Pin
                                                    import  කරන හැම තැනටම මේක පොදුයි.)

GPIO.set mode (GPIO.BOARD) #Raspberry Pi Computer එකේ pin හඳුන්වා දීම ආරම්භ කරනවා.

GPIO.setup(40, GPIO,OUT)     #40 වැනි pin එක out put ලෙස setup කිරීම.
import time                               #time library එක import කිරීම (light එක blink වෙන කාලය)
def Blink(numTimes, speed) : #function එකක් start කරයි 13 පේළිය දක්වා පවතී
                                                    numTimes  හා speed යනු parameters  වේ

for i in range(0, numTimes)  #loop එක ආරම්භ වේ 

 print ("Iteration " + str(i+i)) #Iteration යන පේළිය terminal එකේ print කිරීම

 GPIO.output(40, True) #40 pin එක high කිරීම

 time.sleep(speed) #කාලයක් රැඳී සිටීම delay එකක්
GPIO.output(40, False) #40 pin එක low කිරීම
time.sleep(speed) #කාලයක් රැඳී සිටීම delay එකක්
   
print ("Done") #loop එක අවසන් වූ විට Done යනුවෙන් print කිරීම
GPIO.cleanup() #terminal එක clear කිරීම 

 interations = raw_input ("Enter total number of times to blink: ") #input එකක් ලබා ගැනීම  (blinkවිය 
                                                                                                             යුතු වාර ගණන) iterations                                                                                                                              
                                                                                                            variable එක තුළ save කර ගනී
                                                                                                           
 speed =  raw_input("Enter length of each Blink (seconds ): ") #input එකක් ලබා ගැනීම  (blink විය 
                                                                                                       යුතු කාල පරාසය Blink 2ක් අතර       
                                                                                                       කාලය speed variable
                                                                                                        එක තුළ save කර ගනී

Blink (int (iterations) ,float (speed)  #function එක call කරයි


  ඉහත සඳහන් කළ   function එක create කරන විට යොදාගත් parameters වන   numTimes හා speed තුළ iterations හා speed variables save වේ
  •  iterations variable එක මගින් blink විය යුතු වාර ගනනත්
  • speed variable එක මගින් blink විය යුත්තේ තත්පර කීයකට පසුවද යන්නත් save කර ගනී
           (blink 2ක් අතර  කාල පරාසය)







(සැලකිය යුතුයි  program එකේ code එකේ රතු පාටින් හයිලයිට් කරලා තියෙන පේලි දෙක ඒ විදියටම තනි පේලියක් ලියන්න photo එකෙක් ඒක හරියටම පෙන්නලා තියනවා)



(5) program  එක run කිරීම

code එක ටයිප් කරල ඉවර උනාම Ctrl+x key press කරන්න
මේක press කරාම save කරන්නද කියල Question  එකක් අහනව එතකොට y press කරලා enter කරන්න.



දැන් ආපහු ඔයාට Terminal එකේ මුලට එනවා ඉතින් දැන් terminal එක ඇතුලේ sudo python bled.py කියල type කරල enter කරන්න



එතකොට enter code numbers of times to link කියල question එකක් අහයි  ඔයාල led එක blink විය යුතු වාර ගණන ටයිප් කරන්න
 ඊට පස්සේ enter length of a link seconds කියන message එක එයි
 (ඒකට led එක  නිවී දැල්වෙයි යුතු කාල පරාසය තත්පර වලින් ලබාදෙන්න)




enter කරන්න
දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් terminal  එකේ  Iteration  කියලා print වෙන ගමං led light එක blink වෙනවා




මේ පෝස්ට් එකත් එක්ක අපිත් එක්ක එකතු වුනා ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි.
 ඉතින් ඉස්සරහටත් මේ වගේ post ඔයාගේ ගාවටම ගෙන්න ගන්න follow  මාව.

     Facebook :- https://www.facebook.com/tharukaprabhashana1116

     Twitter :- https://twitter.com/MtTharuka

     Instagram :- https://www.instagram.com/tharukaprabhashana/


ඔය ගොල්ලන්ට ඇති වුනු හැම ගැටළුවක් ගැනම අපි comment section එකේ කථා කරමු.





Comments

Popular posts from this blog

Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 01)

Raspberry Pi computer එකට raspbian OS එක install කරන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 02)